කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 33 දෙනෙකු දැනට දින තුනක කාලයක සිට නිවෙස්වල සිටින බවත සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙම රෝගින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ඇති ඇඳන් රෝගින්ගෙන් පිරීයාම නිසා මෙම තත්වය උදාවී ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ඇති ඇදන්වල ඉඩකඩ ලැබුණු විට මෙම රෝගින් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට කටයුතු කරන බවද වෛද්‍ය ප්‍රමෝද සිරිවරධන මහතා පවසයි.
එමෙන්ම මේ වනවිට සිදුකොට ඇති පි.සී.ආර්. පරික්ෂණ ප්‍රථිපල ප්‍රමාද වෙමින් පවතින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.