ඉත්තෑපාන ඉහල කන්ද යගිරල ඇතා වැටුණු වලේ විනෝදයට දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි එස් ගෞතම් (26) හා එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන යාපනය අච්චුවේලී පදිංචිව සිටි එස් හර්ෂණන් (28) යන දෙදෙනායි
ඊයේ (25) දහවල් පස්දෙනකුගෙන් පිරිසක් දිය නෑම සඳහා පැමිණ ඇති අතර මියගිය දෙදෙනා දෙදෙනෙකු දියේ ගිලීමත් සමගම පිරිස ඔවුන් දෙදෙනාව ත්‍රීරෝද රථයක නන්වාගෙන ඇල්පිටිය රෝහල වෙත යන විටත් මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි
මියගිය ස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට අමතරව මොරටුව සෞඛ්‍ය කාර්යාලයට අනුයුක්ත තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය සහයකයෙක් සඳහා මෙම ගමන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි