අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුඛයේ ශල්‍ය කර්මයකට ලක්වූ බවට පසුගියදා පළ කළ වාර්තා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
පසුගියදා පැවැති උත්සවයකදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන් හා පියා ලෙඩෙක් බැලීම සඳහා රෝහලට ගිය නමුත් ශල්‍ය කර්මයකට භාජනය නොවුණ බවයි.
කෙසේ වෙතත් මාතලේ පැවැති උත්සවයකට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ශල්‍යකර්මයකට ලක්ව විවේක ගනිමින් සිටින නිසා මාතලේ පැවැති උත්සවයට එක්නොවූ බවයි.