හැටන් දික්ඔය නගර සිමාවේ රෝගින්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දිමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) දින ආරම්භ කර ඇත.
හැටන් නගරයේ සහ එ අවට කිසිදු නගරයක රජයේ ඔසුසැලක් නොමැති නිසා හැටන් දික්ඔය නගර සභාවේ විශේෂ අවසරයක් මත හැටන් නගරයේ ප්‍රධාන ඖෂධ අලෙවිසැලක් විසින් සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ ඇණවුම් කරන ලද ඖෂධ වර්ග නිවසටම ගොස් බෙදා හැරිම සිදු කරනු ලබයි.
ඇදිරි නීතිය පවතින කාලය තුළ හැටන් දික්ඔය නගර සභාව විසින් තොරාගත් ඖෂධ වෙළඳසැල් කිහිපයකට දිනකට එක් ඔසුසැලක් පමණක් විවෘත කිරිමට අවසර ලබා දි ඇත.
හැටන් පොලීසියෙන් ලබාගත් ඇදිරි නිති බලපත්‍රයක් මත රෝගින් විසින් ඇණවුම් කරන ලද ඖෂධ වර්ග මේ අනුව නිවසටම ගොස් බෙදා හැරිම සිදු කරනු ලබයි.