දේශීය කර්මාන්තවල ඵලදායීතාවය ඉහල නැංවීම හා ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම සඳහා ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත රැසකට යහපත් නිපයුම් පරිචයන් පිළිබඳ තත්ත්ව සහතික(GMP) ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබාදීමේ වැඩ සටහනක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.
මේ යටතේ 2024 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 350 ට අඩු මෙන්ම සේවක සංඛ්‍යාව 50 ට අඩුවෙන් සිටින සැකසූ ආහාර, තේ ආශ්රිත නිපයුම්,කිරි හා ඒ ආශ්රිත නිපයුම් ,කුලුබඩු, පොල් ආශ්රිත නිපයුම් හා ඇසුරුම් ආශ්රිත නිපයුම් යන කර්මාන්ත සඳහා තත්ව සහතික ලබා ගැනීමට රුපියල් ලක්ෂයක් දක්වා ප්‍රතිපාදන සහ අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
එම ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1 හා ප්‍රතීතකරණ මන්ඩලයේ SLAB තත්ව සහතික ලබා ගැනීමට එම කර්මාන්තකරුවන්ට අවස්ථාව සැලසෙන බවද කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන ව්‍යවසායකයින්ට ජුනි 20 දක්වා මෙම අනුග්රහයන් ලබා ගැනීමට ඉල්ලුම් කළ හැකිවේ.
ජේ.ඉඳුරුවගේ