ආහාර ආශ්රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට, අනෙක් අංශයෙන් ආහාර ආශ්රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක් ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පාර්ශ්වකරුන් අතර ආහාර සුරක්ෂිතතා වත්මන් අභියෝග, සහයෝගිතා විසදුම් මෙන්ම සුදුසුම භාවිතයන් පිළිබද අවබෝධය වැඩිදියුණු කිරීම සදහා වූ විද්වත් කථීකාවකට සහ ජනමාධ්‍යවේදීන් අතර දැනුම බෙදාගැනීමේ වැඩසටහනට එක් වෙමිනි.
එම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, Marriot Courtyard හෝටල් පරීශ්‍රයේ පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආහාර ආශ්රිත රෝගාබාධ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටින බවත් සියලු දෙනාගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බව ද අමාත්‍යවරයා මෙම උත්සවයේ දී පැවසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සියලු පාර්ශ්වයන්ගේ අවධානයක් යොමු කිරීමට ක්‍රියා කිරීම ඉතා වැදගත් වන බවයි. එමෙන් ම නිෂ්පාදනය, සංඛ්‍යා, දත්ත සහ නියාමනය යන සියලු අංශ එක් ව මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා විද්‍යුත්, මුද්‍රිත, සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය වලට වගකීමක් පැවරෙන බව ද පැවසීය.
මාධ්‍ය දැන්වීම් මගින් ජනතාවට දෙන උපදෙස් කෙරෙහි ජනතාව විශ්වාවසය තබන බවත්, ඒ අනුව එම ආහාර වර්ග දෙමාපියන් දරුවන්ට ලබාදෙන බැවින් වගකීම් සහගතව මාධ්‍ය කටයුතු කිරීම අතිශය වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
යුරෝපා සංගමය (EU) අරමුදල් සපයන කෘෂි ආහාර අංශය සඳහා හොඳම ප්‍රමිතිගත පිළිවෙත් ව්‍යාපෘතිය (BESPA-FOOD) හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) රට තුළ හොඳින් සම්බන්ධීකරණය කරන ලද ආහාර සුරක්ෂිතතා පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයට සහාය දක්වනු ලබයි.
මෙරට ආහාර සුරක්ෂතතා පාලන අංශය ශක්තිමත් කිරීම වෙනුවෙන් අද දින පැවැති මෙම උත්සවයේ ප්‍රධාන අරමුණු වුයේ පාර්ශ්වකරුවන් අතර ආහාර සුරක්ෂිතතා අභියෝග, විසදුම් සහ හොදම භාවිතයන් පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම, වත්මන් ගැටළු සාකච්ඡා කිරීමට හා සහයෝගිතා විසදුම් ගවේෂණය කිරීමට බහු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය සදහා වේදිකාවක් සැපයීම, ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ ඵලදායි ලෙස වාර්තා කිරීම සදහා මාධ්‍ය වෘත්තිකයින් දැනුමින් සන්නද්ධ කිරීම මෙන්ම මහජනතාව දැනුවත් කිරීම සහ උපදේශණය ඉහළ නැංවීමේ කාර්යභාරය ඉටු කිරීමයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා භූ දර්ශනය සහ පාලන යාන්ත්‍රණය පිළිබදව විද්වත් කථිකාවක් ද පවත්වනු ලැබූ අතර, මෙම වැඩසටහනේ දී ජාතික ආහාර සුරක්ෂිතතා පාලනය සහ නියාමනය බලාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබී ය.