වසරේ මුල් භාගයේ හොඳම තත්ත්වයේ සිටි ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වී ඇතැයි ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීම හා ආනයන පාලනයන් ලිහිල් කිරීම ආදී හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.
ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනය වන විටත් අඛණ්ඩව 14 වැනි දිනටත් අවප්‍රමාණය වූ අතර මේ මාසයේදී පමණක් ඩොලරයට සාපේක්ෂව රුපියල සියය 6% ට ආසන්න අගයකින් අවප්‍රමාණය වී තිබේ. වසර අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල තවදුරටත් 8% කින් පමණ දුර්වල වනු ඇතැයිද එම පුවත් සේවය වාර්තා කරයි.
ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මේ අනුව ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය වඩාත් සෘණාත්මක වනු ඇති බවත් උද්ධමනය ශීඝ්‍රයෙන් පහළ යන හෙයින් ඉදිරියේදී තවදුරටත් පොලී අනුපාත කප්පාදුවක් සිදුවිය හැකි බවත් හොංකොං හි ආර්ථික විද්‍යාඥයෙකු වන හැඕෂින් මූ බ්ලූම්බර්ග් වෙත පවසා තිබේ. එසේම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ රුපියල ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව 355ක් දක්වා තවත් 8%කින් අවප්‍රමාණය වනු ඇතැයි ඔහු පුරෝකථනය කරයි.