දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී ( Asian Model Festival ) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි11/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ආසියානු නිරූපන ශිල්පි තරගාවලිය ඉකුත් 10/15 දින සිට 11/02 දින දක්වා දකුණු කොරියාවේ ගෑන්ග් වොන්ග් නුවර , ආසියාවේ රටවල් 27 ක නිරූපන ශිල්පීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් , එරට සංස්කෘතික , ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වා තිබුණි.
ජුලියා සොනාලි කලුආරච්චි 11/03 දින රාත්‍රී 11.34 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඇය පිළිගැනීම සදහා ඇයගේ පුහුණුකරුවන් , උපදේශකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



