යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන ලාංකිකයෙක් කැනඩා ආරක්ෂක අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රසන්න නල්ලලිංගම් හෙවත් අජන්තන් සුබ්‍රමනියම් නමින් හඳුන්වන 32 හැවිරිදි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රංශයේ සිදුවූ ඝාතනයකට අදාළවය.
සැකකරු ශ්‍රී ලංකාවේ ද ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු ද නිකුත් කර ඇති බවත් කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ප්‍රංශය වෙත භාරදීමට නියමිත බව කැනේඩියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.