ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතරින් 22% ක් ණය ගැති භාවයට පත්ව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ජූලි මස 29 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන්වේ. ණය ගැතිභාවයේ ඉහළම අනුපාතය වාර්තා වනුයේ උකස් කටයුතුවලින් වන අතර උකස් මගින් 31% ක් ණය ලබා ගෙන ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙරට පවුල් අතුරින් 22.3% ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බවද සඳහන්වේ.
රජයේ සහ පෞද්ගලික බැංකුවලින් 21.9% ක්, සමෘද්ධි ප්‍රජාමූල බැංකුවලින් 7.1% ක්, මුදල් ණයට දෙන අයගෙන් 9.7%ක්, මූල්‍ය හා ලීසිං ආයතනවලින් 8.7% ක් ණය ලබා ගෙන තිබුණි. එමෙන්ම ආර්ථික කටයුතු සඳහා 15.7% ක්, නිවාස ගොඩනැගිලි ඉදි කිරීම් හා නිවාස අලුත්වැඩියා කිරීම් සඳහා 17% ක්, සෞඛ්‍ය අවශ්‍යතා සඳහා 9.9% ක් සහ කලින් ලබා ගත් ණය පියවීම් සඳහා 11.9% ක් ණය ලබා ගෙන තිබුණි.
2020 සහා 2021 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා වැඩිපුර ණය ගැනීමට ගෘහ ඒකක සඳහා යොමු වීම නිසා ණය බර වැඩි වී ඇති බවට මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. ණය ආපසු ගෙවීමට ඇති බැඳීම ණය ආපසු ගෙවීමට නොහැකි වීම ප්‍රමාද ගෙවීම් පැහැර හැරීම හෝ ණය මත යැපීම් වැනි හේතු නිසා ණය අපසු ගෙවීම ගැන අභියෝග මතු වී ඇති බව එම විගණන වාර්තාවේ සඳහන්වේ.
චන්දන සමරවික්‍රම