- පසුගිය වසර 3 තුළ 9700ක් සිය දිවි නසාගෙන
-2022දී සිය දිවි නසාගත් ගණන 3406ක්
පසුගිය වසර 03 ඇතුළත දිවයින පුරා පුද්ගලයන් 9700 ක් සිය දිවි හානි කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන සකස් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි විශ්ව විද්‍යල මහාචාර්ය වරයෙකු වන වසන්ත අතුකෝරළ මහතා පවසයි.
පසු ගිය 2022 වසරේ දී පමණක් පුද්ගලයන් 3406 දෙනෙකු සිය දිවි හානි කරගෙන ඇති අතර, එයින් 2832 ක් පිරිමි පාර්ශ්වය වන බව හෙළිව තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 83% කි. ආර්ථික අපහසුතා මත 2022 වසරේ දී සිය දිවි හානි කර ගෙන ඇති සංඛ්‍යාව 192 කි.
එය ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමේ දී 5.06% ක් ලෙස දැක්වේ. පවුල් ආරවුල් මත පුද්ගලයන් 593 දෙනෙකු සිය දිවි හානිකර ගෙන ඇති අතර එය 17.04% ක් බව ද සඳහන් වේ. ආර්ථික අමාරුකම් නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 274 දෙනෙකු සිය දිවි හානි කර තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 8% කි. මානසික ආබාධවලට ලක් වූ පුද්ගලයන් 412 දෙනෙකු සිය දිවි හානි කර ගෙන ඇති අතර එය 12% ක ප්රතිශතයකි.
2023 වසරට අදාළව සිය දිවි හානි කර ගැනීමේ දත්ත රැස් කිරීමේ ප්‍රමාදයක් පවතින නිසා 2023 වර්ෂයේ සංඛ්‍යා ලේඛන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා ගැනීමට නොහැකි වූ බව මහචාර්යවරයා සඳහන් කළේය. 2022 වර්ෂයේ දත්ත රැස් කිරීමේ දී දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලින් සහය ලබා ගත් බව මහාචාර්යවරයා විසින් සඳහන් කරන ලදි.
චන්දන සමරවික්‍රම