ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපාකාර සමීතියේ පැවැත්විය යුතුව තිබූ නිළවරණය නොපවත්වා එම නිළවරණය වෙනුවට නැවත ප්‍රා දේශික සඳහා කාරකසභා යාවත්කාලීන කිරීමෙන් ඇතිවෙන්නට ගිය ගැටුම සමතයකට පත්ව නැවත එම සමූපාකාර පාලනය පොදු පෙරමුණ රජය යටතේ පාලනය කළ සභාපතිවරයා ඇතුලු අධ්යක්ෂ මණ්ඩලයටම හිමිවිය.
සමූපාකාර ප්‍රා දේශික 23ක් සඳහා කාරක සභීකයින් 207 දෙනෙකු පත්කර ගැනීම ආරච්චිකට්ටුව සමූපාකාර රැස්වීම් ශාලාවේදී 18දා පැවැත්වීය.
මෙම නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීම හා එම කටයුත්ත ප්‍රමාද වීම පිළිබඳව වයඹ පළාත් සමූපාකාර කොමසාරිස් වසන්ත ගුණසේකර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු පවසා සිටියේ නව පාලක මණ්ඩලය විසින් මහ සභාව පත්කර ගැනීමට එරෙහිව අභිආයචනාධිකරණය වෙත රීට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම නඩු විභාගය අවසන් වනතුරු මහසභාව පත්කර ගැනීම තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ අනුව සමූපාකාර කොමසාරිස් වරයාගේ නියෝගය පරිදි අද දින සමූපාකාර ප්‍රාෙද්ශික සඳහා කාරක සභීකයින් යාවත්කාලීන කළ අතර එළබෙන ජනවාරි 13 දින ලැබෙන අධිකරණ තීන්දුවකට අනුව ඉදිරි කටයුතු කිරීමට කටයුතු කරන බව කොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර එම ස්ථානයට එක්රැස් වූ පොදු පෙරමුණ නව පාලක ආධාරකරුවන් හා ජාතික ජන බලවේගය ආධාර කරුවන් අතර අතර ඇතිවීමට ගිය ගැටුම ව්‍යර්ථ වී පිරිස විසිර ගියහ.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න.