කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශිල්ප හදාරන ආධුනික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි සහ පිස්තෝල සමග ඒවාට අවශ්‍ය උණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු පොලිස් ලොරි රථයක් මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ 11 වැනි වංගුව අසල දී පෙරළී ගොස් තිබේ.
අද (12) පෙරවරුවේ සිදුවී ඇති මෙම අනතුරින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු ප්‍රතිකාර සඳහා මහියංගන රෝහලට ඇතුළත් කොට තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු වාහනයේ ගමන් කොට තිබේ.
නිලධාරීන්ගේ පුහුණුව සඳහා යොදා ගන්නා මෙම අවි ආයුධ තොගය මහියංගනය වෙඩි තලාව වෙත රැගෙන යමින් සිට තිබේ.
ෂේන් සෙනෙවිරත්න
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5cc1305947.jpg)