මාතලේ නගරයේ මංදණ්ඩාවෙල ප්‍රදේශයේ ආපන ශාලාවක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එම වෙළෙඳ සැලේ හිමිකරු විසින් රාජකාරියට බාධා කොට පහරදීමෙන් නිලධාරියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය පවසයි.
අදාල සිද්ධිය වූ ඊයේ මාතලේ මහ නගර සභා සීමාව තුළ වෙළඳසැල් පරීක්ෂාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කර ඇති අතර මාතලේ මන්දන්ඩාවල ප්‍රදේශයේ එම ආපනශාලාව පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ආපනශාලාව පරික්ෂා කරමින් සිටියදී ඔහුගේ රාජකාරියට බාධා කරමින් එම වෙළඳසැලේ හිමිකරු විසින් පහරදී පොරවක් රැගෙන ඔහුව නගරයේ පන්නාගෙන ගොස් ඇති අතර එයින් අනූ නවයෙන් බේරී මාතලේ මහා රෝහල වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ගනු ලබයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආපන ශාලාව පරික්ෂා කිරීමට පැමිණ එම වෙළඳ සැල පරීක්ෂා කරන අතරතුර ආපනශාලා හිමියාගේ බිරිඳව ස්පර්ශ කළ බවත් ඒ පිළිබඳ උරණ වූ ආපනශාලා හිමියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බැන වැදුණු බවත් නොසිටි බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට විරුද්ධව ආපනශාලා හිමිකරු විසින් පැමිණිල්ලක් මාතලේ පොලිස් ස්ථානයේ ගොනුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගේ විමසීමේදී ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ලිඛිතව ඉල්ලුම් කළ බව සඳහන් කළේය.
මාතලේ රවින්ද විරාජ් අබයසිරි