සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබෙන රුපියල් 65ක බද්ධ අඩු කර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
කොළඹදී අද (22දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපිට පේනවා ආණ්ඩුව මොනවා කිව්වත් අද වන විට තවම වෙළඳපොලේ සහල් හිඟයක් තියෙනවා. ඒ සහල් හිඟයත් එක්කම තමයි අද කළු කඩ මුදලකට සහල් අලෙවි කරන්න පෙළඹිලා තිබෙනවා. එක පැත්තකින් ලංකාවේ ඉන්න ප්‍රධාන වී සහල් මොල් කරුවන් විශේෂයෙන්ම අද ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට මිල ගණන් වලට සහල් විකුණනන්න වෙළඳපොළ තුළ කළු කඩ මුදලක් ඇති කරන්න පෙළඹිලා තිබෙනවා.
ඔවුන්ව පාලනය කරගන්න බැරි නිසා තමයි මේ ආණ්ඩුව සහල් ආනයනය කරන්න තීන්දු කළේ. සහල් ආනයනය කරන්න තීන්දු කරලා දැන් ඒ සහලුත් ගෙනත් දෙන්නේ ආණ්ඩුවට පාලනය කරගන්න බැරි මේ රටේ ඉන්න ප්‍රධාන වී-සහල් මෝල් කරුවන් කියන ගානට තමයි ආණ්ඩුව විකුණන්නේ. මේකේ ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ සහල් එක කිලෝ එකකට රුපියල් 65ක බද්ධක් ගහනවා. ඉතාම අසාධාරණ බද්ධක් ඒක.
පසුගිය ආණ්ඩුව මේ බද්ධ දැම්මා කියලා තමයි කියන්නේ. පසුගිය ආණ්ඩුව කරපු දේවල් කරන්න නෙවෙයිනේ මේ ආණ්ඩුව ආවේ. මේ ආණ්ඩුව ආවේ පසුගිය ආණ්ඩුව විවේචනය කරලා. පසුගිය ආණ්ඩුව ඉතාම අසාධාරණ ලෙස රුපියල් 65ක බද්ධක් දාපු එක මේ ආණ්ඩුව කියන්නේ ඒක සාධාරණයි කියලද? එහෙමනම් මේ ආණ්ඩුව ආවේම ජනතාවට සාධාරණත්වය ඉෂ්ඨ කරන්න. සාධාරණ මිලකට බඩු භාණ්ඩ ලබා දෙන්න. බදු වැඩියි කියලා බදු අඩු කරනවා කියලා ආවේ. ජනාධිපතිතුමාම ඉන්ධන මිල ගැන කිව්වා. අනෙකුත් බඩු ගැන කිව්වා. අපිට පේන්න තිබෙනවා අද වන විට රුපියල් 65ක බද්ධක් ගහනවා කියන්නේ ඉතාම අසාධාරණයි. වහාම මේ බද්ධ අඩු කරනන ඕනී. ”