ලෝක වෙළඳපොළ තුළ කිරිපිටි කිලෝවක මිල ඉහළ යාම හා ශ්රී ලංකාව ඩොලරය පා කිරීමට ගත් තීරණයත් සමග ඇතිව තිබෙන තත්ත්වය මත කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.
මේ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 1345 සිට 1945 දක්වා රුපිියල් 600කින් ඉහළ යන අතර ග්රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා රුපියල්වැ 260කින් ඉහළ යනු ඇත.
කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය මීට පෙර තීරණය කළ අතර ඒ අනුව කිරිපිටි මිල තීරණය කිරීමට සමාගම් වෙත අවස්ථාව තිබේ.