ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල ,හාල්මැස්සන් හා පළතුරු සමහර තොග වල බැර ලෝහ හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙලිවෙයි.
මේ අතර ආනයනික පළතුරු සමහර තොග වල බැර ලෝහයක් වන ලෙඩ් විශාල ලෙස අඩංගුය. මේ බව අනාවරණ වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකල 2021- 2022 කාලය තුල ක්‍රියාත්මක කල ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදීය.
මෙම තත්වය මහජන සෞඛ්‍යයට හානිකර බැවින් කරවල,හාල්මැස්සන් හා පලතුරු ආනයනයේදී බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත් , ආනයනික පළතුරු වල අඩංගු බැර ලෝහයක් වන ඊයම් (Lead) ප්‍රතිශතය පිලිබඳව පරීක්ෂා කිරීම 2023 ජූනි පළමුවනදා සිට අනිවාර්ය කෙරේ.
එසේම ශ්‍රී ලංකාවට කරවල හාල්මැස්සන් ආනයනයේදී බැරලෝහ ආසනික් වැනි විෂ ද්‍රව්‍ය ද පළතුරු ආනයනයේදී ලෙඩ් ඇතුළු බැරලෝහද තිබිය හැකි අවම ප්‍රමාණයට වැඩිපුර අඩංගුව නැති ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනයට අදාල සමාගම් හා පුද්ගලයින් වග බලා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය ඔවුන්ට දැනුම්දී ඇත.
මෙම කරුණු සම්බන්ධයෙන් වෙලද ප්‍රජාවට හෝ පාරිභෝගිකයින්ට වැඩි විස්තර විමසා දැන ගැනීමට විශේෂිත දුරකථන අංකයක්ද ආහාර පාලන ඒකකය විසින් හඳුන්වා දීඇත. එම අංකය වන්නේ 0112112718 යි.