ආනයන සීමා තාවකාලික බවත් එම සීමා හරහා යම්කිසි ව්‍යාපාරවලට බලපෑමක් ඇතිවෙන බව දන්නා බවත් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (26දා) පැවැසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය.
"අපි රටක් වශයෙන් කරන්න ඕන ලැබෙන සීමීත විදේශ විනිමය ප්‍රමාණය අපි පාවිච්චි කරන්නේ තෙල් ටික, බෙහෙත් ටික, ගෑස් ටික ගේන්නද, එහෙම නැත්තන් ටෙලිෆෝන් එක්ක ගන්නවාද, මෝටර්රථයක් ගන්නවාද, ටෙලිවිෂන් එකක් ඕනද, අඩු ගානේ ෆ්‍රිජ් එකක් ඕනද, ඒ වගේ දේවල් යම්කිස් ආකාරයකට කල් දාන්න පුළුවන්.
පහුගිය කාලේ මුදල් අමාත්‍යාංශය මඟින් අත්‍යාවශ්‍ය නොවන, ප්රමුඛත්වයක් නොදෙන දේවල් යම් කිසි ආකාරයකට තහනමක් කරලා තියෙනවා. ඇත්තෙන්ම මේවා තාවකාලිකව කරන දේවල්. යම් කිසි ව්‍යාපාරවලට මේ නිසා යම් කිසි බලපෑම් සිද්ධ වෙනවා. ඒක ඇත්තටම නොදැන නෙවෙයි ඒ දේවල් කරලා තියෙන්නේ.
නමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්."