චිනවරාය ගුවන් හමුදා කදවුරේදි ආධුනික ගුවන සෙබලියක් අපයෝජනයට ලක් කළ බව කියන ගුවන් හමුදා විංග් කොමාණ්ඩර්වරයෙකු හා එයට ආධාර අනුබල දුන් ගුවන් හමුදා කෝප්රල්වරයෙකු ලබන ජනවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස ඊයේ (20) ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණි අන්නාතුරෙයි මෙනවිය පොලිසියට නියම කලාය.
2019.05.29.දින හෝ ඊට ආසන්න දිනක සිදුවු මෙම සිද්ධිය චිනවරාය පොලිසිය එම කාලය තුල විධිමත් පරික්ෂණයක් සිදු නොකිරිම හේතුවෙන් වත්මන් ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය ප්‍රකාරව බලය පවරණ ලද ත්‍රිකුණාමලය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ණ කාර්යාංශය සිදුකල පරික්ෂණයකින් පසු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුහ.
සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරැ දැනට මත්තල ගුවන් හමුදා කදවුරේ සේවය කරද්දි අත් අඩංගුවට ගෙන තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජීවේන්ද්‍ර ඩයස් මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශණ සිදු කරගෙන යයි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා