ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදි ලියාපදිංචිකරන බවත් ගහමරා ගන්නා බෙලිකපාගන්නා, වත්මන් දේශාපලන ක්‍රමය පිටුදැකීම සඳහා මෙම පක්ෂය පූර්වාදර්ශයක් සපයමින් ක්‍රියාත්මක කරන බවත් දඹාන ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසූහ .
දඹාන කොටබකිනියේ පිහිටි තම පැල්පතේදී මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ආදිවාසී නායක තුමා මෙසේද පැවසීය .
“මම නම් කවදාවත් දේශපානයට එන්නවත් ඡන්දය ඉල්ලන්වත් බලාපොරොත්තුවෙන්නේ නහැ.එහෙත් අපේ රැහේ උගත් කැකුලො කැකුලියෝ (තරුණ තරුණියො) අද කැලේටම කොටුවෙලා ඉන්න කැමති නැහැ. ඔවුන් සරසවි අධ්‍යාපනයට පවා යොමු වෙලා තියෙනවා. උපාධිධාරින් පවා සිටිනවා. ඒ අයගේ ඉදිරිගමන් මගට නායකයා විදියට අවහිර කන්න මම කැමති නැහැඑ. ඒගමනට මම සුභ පතනවා. දිරි දෙනවා සහාය දෙනවා .
තිබෙන පක්ෂ දේශපාලනය ජනතාවට එපා වෙලා. ඒනිසා මෙවර වෙනත් ස්වාධින පක්ෂයකින් අපේ තරුණ තරුණියෝ කීපදෙනෙක් දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලබැද්ද යන ගම්මාන වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා. වෙනම පක්ෂයක් ලියාපංදිචි කරන්න කාල වේලාවක් නොතිබුන නිසා මෙසේ වෙනත් ස්වාධික පක්ෂයක ලැයිස්තුවෙන් ඉදිරිපත් උනත් ඉදිරියේද අපේම පක්ෂයක් බිහිකරනවා.
පසුගිය මැතිවරණ දිහා බැලුවම පක්ෂ පක්ෂ ඇන කොටගත්තේ ප්රචාරක කටයුතු වලදී එක පක්ෂයක් පෝසටර් අලෙව්වම තවත් පක්ෂයක අය ඒක ගලවනවා නැතිනිම් ඊට උඩින් තම පක්ෂයේ පෝස්ටර් අලවනවා .
මේවාට රන්ඩුවී ගුටි ගහන්නවා. ගහ මරා ගන්නවා.
මේ නිසා දඹානේ පෝස්ටර් ඇලවීම මහ පාරේ ලිවීම යනාදිය තහනම් කරන්න මම කටයුතු කළා. අපේ අපෙක්ෂකයන්ගෙන් ගෙට ගිහිල්ලා සෙසු අයට ආදර්ශයක් දෙමින් අතිතයේ විදියට බුලත් අතක් දීලා ආචාර කරලා ඡන්දය ඉල්ලන්න පුරුදු කළා.
සමහර පක්ෂ ඡන්ද ප්රචාරක කටයුතු වලට විශාල මුදලක් වැය කරනවා. ඇයි එහෙම කන්නේ බලයට පත්වෙන්න. බලයට පත්වුනාම කිසිම වැඩක් කරන්නේ නැහැ. උදව් ඡන්දදායකයන් අමතක කරනවා.
ඒගොල්ල හදන්නේ අපට වැඩ කරන්න නෙවෙයි ඒගොල්ලන්ගේ සුඛ විවරණය හදාගන්න මේ ක්‍රමය වෙනස් වියයුතුයි.
සමහරු හිතනව ඡන්දය අපට අළුත් දෙයක් කියලා. නැහැ ඒක නොදැනුවත් කම නිසා ඇතිකරගත් සිතුවිල්ලක්.
ඩඩ්ලි සේනානායක අගමැති තුමාගේ කාලයේ සිටම අපේ ඇත්තේ ඡන්දයට ඉදිරිපත්වුනා.අද ප්‍රා දේශීය සභා කිව්වට එදා තිබුනේ ගම්සභා.
මගේ මාමා කෙනෙක් වූ මොරාණ වරිගේ සුදුබණ්ඩා , සහ මගේ මස්සිනා කෙනෙක් වූ මොරාණ වරිගේ ජයසේන යන අපේ රැහේ අය එදා එම මැතිවරණ වලින් දිනලා ගම්සභාවට පත්වෙලා ලිං කැපීම් මාර්ග සකස් කිරිම යනාදි වැඩ ගම වෙනුවෙන් තමට ලැබුන ප්‍රතිපාදන අනුව සිදුකළා.
දැනටමත් හෙනානිගල පදිංචි මිනිබිරියක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනවා” යැයිද ආදිවාසී නායකතුමා අවධාරණය කළේය.
VIDEO