2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.
මෙම වාර්තා මාර්ග ගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවත් ඒ සඳහා සහාය විමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දිනයේ විවෘතව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද අද දිනයේදි විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.