Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැතිඇමතිවරුන් තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අද (03දා) පැවසීය.
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුවද, ආණ්ඩුවට සහාය දෙමින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ආරක්ෂක අංශ මාසයක් ඇතුළත විමර්ශනයක් සිදුකර වරදකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත්,පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාගත නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙසේ ඉල්ලා අස්වූ අමාත්‍යවරු අතර කැබිනට් ඇමතිවරු සිවුදෙනෙක් රාජ්‍ය ඇමතිවරු පස් දෙනෙක් හා නියෝජ්‍ය ඇමතිවරයෙක්ද සිටිති.
මුස්ලිම් මැති ඇමතිවරුන් ඊයේ දින ගත් තීරණය අනුව නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් රවුෆ් හකීම් මහතාද, කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධුරයෙන්රිෂාඩ් බදියුදීන් මහතාද,
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයෙන් කබීර් හෂීම් මහතාද, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධුරයෙන් අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතාද, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්එච්.එම්.එම්. හාරීස් මහතාද,කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අමීර් අලී මහතාද,
සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉසෙඩ්.එම්. සෙයිඩ් මහතාද, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ෆයිසාල් කාසීම් මහතාද, වරාය හා නවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතාද ඉල්ලා අස්වී තිබේ.
මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා,
"අපේ අමාත්‍ය මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් සගයන් සමග දීර්ඝ සාකච්ඡාවක යෙදුණා.ඒ සාකච්ඡාවෙන් පසුව අපට ගතහැකි තීරණය තනියෙන් සාමූහිකව ගැනීමට ඉඩ සලසා දුන්නා.අමාත්‍ය මණ්ඩලයේ හැම දෙනාම අප ගන්නා තීරණය ස්වේච්ඡාවෙන් ගැනීමට අපට අවසරය ලබාදුන්නා.
ඒ අනුව රජයේ නිලතල දරන මුස්ලිම් ජනතාව නියෝජනය කරන අමාත්‍යවරුන්,රාජ්‍ය අමාත්‍යවරුන්,නියෝජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනා අපි ඉල්ලා අස්වීමට තීරණය කළා.ඊට හේතුවී තිබෙන්නේ අපට අවශ්‍යවී තිබෙනවා මේ රටේ සංහිඳියාව,සාමය නැවත ස්ථාපිත කරලා රටේ ඇතිවී තිබෙන මේ කලබගෑනිය, ඒවාට තුඩුදෙන අනෙකුත් බලවේග එල්ල කරන චෝදනා පිළිබඳ හරියාකාරයට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.ඒ සඳහා අඩුම මාසයක් තුළ යම් චෝදනාවක් තිබෙනවා නම්, ඒ චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරලා ඒ චෝදනා පිළිබඳ තීරණයක් ගත යුතුයි.
අපි මේ රටට හිතෛෂීයි.අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි.ඒ සඳහා පාස්කු ඉරිදා සිදුවීමෙන් පසුව අපේ ජනතාව උපරිම ලෙස ලබාදී තිබෙනවා.නමුත් නොයෙකුත් හිරිහැර මධ්‍යයේ අපේ ජනතාව නිහඬව අපෙන් සහයෝගය ලබාදී තිබියදීත්, විටින්විට මේ රටේ වෛරය,ක්‍රෝධය ඇතිකරන ක්‍රියාදාමයන් ගැන රජය කටයුතු කරන ආකාරය පිළිබඳ අපි පිළිකුලට පත්ව තිබෙනවා
.මේකට විසඳුමක් ලෙස අපි ආණ්ඩුවේ ඇමතිධුර අත්හැර සිටියත්, අපි මේ ආණ්ඩුව බලහීනකරන ක්‍රියාදාමයන්ට යන්නෑ.අපි ආණ්ඩුව තුළ පසුපෙළමන්ත්රීවරු විදියට කටයුතු කරනවා.මේ ආණ්ඩුව රැකීමටත් අපි ඉදිරිපත් වෙනවා.අපි බලාපොරොත්තු වෙනවා ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවට ඒ ආරක්ෂාව ලබාදේවි කියලා.ඒ පිළිබඳ අපේ ජනතාව අතර විශාල පිළිකුලක් තිබෙනවා.ඊයේ,අද සිදුවූ නොයෙකුත් සිදුවීම් මධ්‍යයේ විශාල භීතිකාවක් රට තුළ අපේ ජනතාවට ඇතිවුණා.ඒ ජනතාව අහිංසකයි.යම් සුළුකල්ලියක් කරපු මේ ක්‍රියාදාමයට මුළු මුස්ලිම් ජනතාවම වින්දිතයන් වෙලා සිටිනවා.
නායකයන් හැටියට අපි වින්දිතයන් වීම පිළිබඳ අපි කිසිවිටක අපට කනගාටුවක් නැහැ. මේකට යම් කෙලවරක් අවශ්‍යයි.මේ රට එක්සේසත් විය යුතුයි. මේ රටේ ජාතීන් අතර සමගිය ඇතිවිය යුතුයි.මේ රටට ජාත්‍යන්තරයේ තියෙන කීර්තිනාමයට කිසිම කැළලයක් ඇතිවීමට ඉඩ දිය නොහැකියි.ඒකට ඉඩදීම සඳහා අපි තනතුරුවලින් ඉවත්ව,කාට චෝදනා තිබුණත් ඒ චෝදනා පිළිබඳ කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.පාර්ලිමේන්තු තේරීම්කාරක සභා තුළ මේකට විසඳුමක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ.
යම් අපරාධකරුවෙකුට ඕනෑම දඬුවමක් ලබාදිය හැකියි.ඒක අපට කිසිම ප්‍රශ්නයක් නැහැ.රටතුළ භේදබින්න ඇතිකරන මේ වගේ ක්‍රෝධය ඇතිකරන බලවේග පිළිබඳවත් අපි අවධානය යොමුකළ යුතුයි.ඕනෑම තරාතිරමක කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ.මේ වගේ කතාතුළින් රටේ ඇතිවන කැළඹීම් නවතාලිය යුතුයි.අපේ ජනතාව විශාල පීඩනයකට පත්ව සිටිනවා.ඒ පීඩනය පිළිබඳ හරි අවධානය යොමුවිය යුතුයි. හිරගෙවල්වල ඉන්න අය අතරේ විශාල පිරිසක් අහිංසක අය සිටින බව අපි හොඳාකාරව දන්නවා.ඒ පිළිබඳ කඩිනමින් විමර්ශන අවසන් කරලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.අපේ තනතුරු, තානාන්තර පරිත්‍යාග කරන්නේ මේ රටේ සදාකල් පවතින සාමය ඇතිවිය යුතු නිසයි* යනුවෙන් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා,
"පසුගිය දිනවල එක්තරා කණ්ඩායමක් දැනට පවතින පරීක්ෂණවලදී ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු සොයා ගැනීමට බාධා කරන බවට චෝදනා කර තිබුණා.සමහර දේශපාලන බලවතුන් මේවාට සම්බන්ධ බවට චෝදනා කර තිබුණා. මෙම ප්රශ්නය අරගෙන සාමය කඩකරන්නත්,මේ රටේ නැවත ලේ විලක් ඇතිකරන්නත් සමහර අය මේක පාවිච්චි කර තිබෙන බව පෙනී යනවා. අපි මෙතැනට ආවේ ශ්‍රී ලාංකිකයන් හැටියට.මේ රටේ ඇතිවෙන මේ තත්ත්වය ගැන අපට ලොකු වේදනාවක් ඇතිවෙනවා.
අපි මුස්ලිම් මන්ත්‍රීවරුන්, ඇමතිවරු තනතුරුවලින් යම් බලපෑමක් සිදුවනවානම්, පරීක්ෂණවලට බාධාවක් නම්,ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය නිදහස් කරන්න කියලා තිබේනම් ඒ නිසා අපේ ඇමතිකම්වලින් ඉවත් වෙමින් ඉඩ දෙනවා පොලීසියට,හමුදාවට,බුද්ධි අංශය,සී.අයි.ඩී. එක පුළුවන් තරම් මේ පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න.
මාසයක කාලයක් තුළ පරීක්ෂණ සම්පූර්ණයෙන් කරන්න.වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කිසියම් අයෙකු සිටීනම් නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ පහසුව අපි හදා දෙනවා.අපි දකිනවා සමහර අය බලලෝභීකමින්, අරමුණුවලින් මේ රටේ ලේවිලක් ඇතිකිරීමට යන බව.ත්‍රස්ත කල්ලිය අල්ලා ගත් පසුවත් මේ රටේ කලබල ඇතිකරන්න සමහර අය උත්සාහ කරනවා.අපි ප්‍රජාවක් හැටියට අපේ යුතුකම් ටික ඉෂ්ට කරනවා.ප්‍රධාන ධාරාවේමුස්ලිම් ප්‍රජාව පළමුවෙන් රට කියලා වැඩ කර තිබෙනවා" යනුවෙන් පවසා සිටියේය.
මෙම අවස්ථාවට අබ්දුල් හලීම්,රිෂාඩ් බදියුදීන්,ඒ.එච්.එම්.ෆවුසි,මුජිබුර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
Kapil Monday, 03 June 2019 08:16 PM
ඕකම තමයි 1980 ගණන් වල වුනෙත්, කිසිදා අවි අතට නොගත් දෙමල නායකයන්ට පවා පාර්ලිමේන්තුවෙන් එලියට යන තැනට කටයුතු සැලැස්සුව (ඔවුනුත් 100% ම නිවැරදි නැහෙ තමයි). අන්තිමේදී දෙමල ජනතාවට ප්රභාකරන් තමන්ගේ එකම ගැලවුම්කරයා කියල හිතන්න සිද්ධ උනා. හැබැයි වතුකරයේ නායකයෝ (තොන්ඩමන් වගේ අය) තමන්ගේ ගැටළු පවතින ආණ්ඩුවට එකතුවෙලා විසදා ගත්තා, ඒ නිසා ප්රභාකරන්ට කවමදාවත් බැරි වුනා වතුකරයේ දෙමල ජනතාව ත්රසතවාදී වේද වලට සම්බන්ධ කරගන්න. ඒ නිසා අපි හැගීම් බර වෙනවට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න ඕන වෙලාවක් මේක.....
Reply : 0 1
Nandana Monday, 03 June 2019 08:46 PM
පුලුවන්නම් මේ රටිනුත් පිටවෙලා පලයල්ලා
Reply : 5 0
Pini Muwa Monday, 03 June 2019 08:59 PM
How about Mohamed Faiszer Musthapha the one who gazetted Enderamulla as Akbars Town.
Reply : 1 0
Champa Tuesday, 04 June 2019 10:10 AM
ස්තුතියි වැඩේ දුර දිග යන්න ඉස්සෙල්ල ඉල්ලා අස් වුනාට. ඒ මොකොද කිව්වා නම් නිකම් අපරාදේ මේකත් හේතුවක් වෙනවා ජාතිවාදී ගැටුම් ඇති කරගන්න. ප්‍රචණ්ඩත්වයට මම නම් සම්පූර්නයෙන්ම විරුද්ධයි. අන්තිමට හිරේ යන්නේ අහිංසක සිංහල ළමයි. උසි ගන්නපු මිනිස්සු පළාතක නැහැ අන්තිමට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd