ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින් ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ.
හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකඟතාවට පැමිණ තිබේ.
අග්රාමාත්යවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලෙස සමගි ජන බලවේගය විසින් මේ වන විට විශ්වාසභංග දෙකක් කථානායකවරයාට භාර දී තිබේ.