වර්තමාන ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ කිසිවක් ඉටුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය මැතිවරණයේදී ජනතාවගේ ආර්ථික ප්රශ්න පිළිබඳ බඩුමිල වැඩිවීම පිළිබඳ කතාකළ බවත්, එහෙත් ආර්ථිකය සකස් කිරීමට හා බඩුමිල අඩුකිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙන බවත් එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
මීට අමතරව බයෙන් සැකෙන් තොරව ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කරන බවට සඳහන් කළත් එය සිදුවී නොමැති බවත්, මෙම කටයුතු සිදුනොකළ නිසා ඒ ප්රශ්න යටපත් කරමින් ඉදිරියෑම සඳහා වෙන වෙන දේවල් සිදුකරන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ආණ්ඩුවේ පව් හා වැරදි නිලධාරීන් මත පටවමින් ආණ්ඩුව ඇඟබේරා ගැනීමේ උත්සහයක් දරමින් සිටින බවද සඳහන් කළේය.
ජනතාවට සහන ලබාදීම යටතේ තෙල්මිල අඩුකරන බවට හා බඩුමිල අඩුකරන බවට පොරොන්දු වූ බවත්, අඩුකරන භාණ්ඩ ලයිස්තුවක්ද එළිදැක්වූ බවත් කියා සිටියේය.
දැන් ඒ පිළිබඳ ඇහුවම යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන බවද ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේය.
VIDEO