ඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 17ක සීමාවකට යටත්ව, අාගමික ස්ථාන වල පියැසි පාදක සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙම අනුමැතිය ලැබී තිබේ.
ඒ අනූව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයතනයක් තෝරා ගැනීම සදහා ලංසු කැදවා ඇති අතර ලංසු 06ක් ලැබී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුව හා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබි ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 17ක කොන්ත්‍රාත් මිලකට M/s Premier Energies Ltd වෙත ප්රදානය කිරීම කිරීමට නියමිතය.