සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් විශාල වශයෙන් ජනතාව එක්වන පරිදි සංවිධානය කෙරෙන අළුත් අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ආදිය සඳහා එක් රොක් වන මහජනතාවගේ ආරක්ෂාවට විශේෂ පොලිස් ආරක්ෂාවන් සපයන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
දිවයින පුරා මෙවැනි උත්සව 4500 කට ආසන්න ප්රමාණයක් සංවිධානය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එම උත්සව සඳහා සහභාගී වන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 14000 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 500 ක් , ත්රිවිධ හමුදා නිලධාරීන් 400 ක් මෙන්ම සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් 15806 ක් වශයෙන් 30000 ක් පමණවූ ආරක්ෂක බල ඇනියක් යෙදවීමට නියමිත බව පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.