අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1 737 141 සඳහා රුපියල් බිලියන 12.63ක් හා සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580 944 කට රුපියල් බිලියන 2.9ක්ද හෙට (11) වැනි දින බැංකු ගත කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
එ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අප්‍රේල් මස 11 වැනි දින තමන බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බවද මණ්ඩලය සඳහන් කරයි.
2025 අප්‍රේල් මස සිට අයවැය මගින් වැඩිහිටියන්ට ලබාදෙන රුපියල් 3000ක වැඩිහිටි දීමනාව රුපියල් 5000ක් දක්වා වැඩිකර ඇති අතර එය මෙම මස සිට වැඩිහිටියන්ට ගෙවනු ලබයි.