අස්වැසුම සුභසාධන ප්රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳ පරීක්ෂනයක් පැවැත්වීමට වීමට විශය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් පත් කර ඇති මෙම කමිටුවට සාමාජිකයක් 10 දෙනෙක් ඇතුලත් කර තිබේ.