ඉංගිරිය නාච්චි මලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව ඉංගිරිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ අට කලම්පන්න නදුන් ඇල්ල පොතුවිල් පාර පදිංචිව සිටි එන් ඒ කසුන් සමීර උපශාන්ත නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි හොරණ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ඉසුරු ගයාන් අබේවර්ධන මහතා ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සමග එක්ව ටිපර් රථයට කාණුව අතර සිරවී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා පිටතට ගෙන ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කෘතිම ශ්වසනය ලබා දී දැඩි උත්සාහයක් ගෙන අනතුරුව රෝගියා රැගෙන පැමිණි වෑන් රථයේ නැගී ඉංගිරිය රෝහල කරා පැමිණද එහිදී මූලික ප්‍රතිකාර ලබාදී අනතුරුව හොරණ මූලික රෝහල කරාද රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.
එලෙස රැගෙනා රෝගියාගේ දිවි බේරා ගැනීම සඳහා එම වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු පිරිසක් දැඩි උත්සාහ ගත්තද ඔහු මියගිය බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද අනෙක් පුද්ගලයා රියදුරු ලෙස කටයුතු කළ අය බව පොලිසිය කියයි
අනතුරට පත් ටිපර් රථය ආපදා රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමේදී මහ ඉංගිරිය ප්‍රදේශයේදී නවතා තිබූ තීරෝද රථයක ගැටී එහි අසුන්ගෙන සිටි ත්‍රී රෝද රථ රියදුරුද තුවාල ලබා ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව බව පොලිසිය කියයි.
අසපුවට පූජා කරන ලද බව කියන ටිපර් රථයකින් මියගිය අය තවත් දෙදෙනෙකු සමග පාදුක්ක දෙසට යමින් සිටියදී ශාන්ත පීතර හන්දිය පසුකර ඉදිරියට යාමේදී ටිපර් රථය මාර්ගයෙන් වම් අත දිශාවට ඇදී ගොස් පස් කන්ඩ්යක ගැටී ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ටිපර් රථයේ රියදුරු ඇතුළු ඉදිරිපස ගමන් ගත් කිසිදු පුද්ගලයකු ආරක්ෂක පටි පැළඳ නොසිටීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රපාල මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න පොලිස් සැරයන් 39530සමන් පොලිස් කොස්තාපල් 79039 ලහිරු මහත්වරු පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ/නිමාලි කහවල