යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් 28 දින මහරගම, විජේරාම ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී මිලියන 4.6කට අධික අෂීස් හා කුෂ් නැමති මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 25ක මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සතුව තිබී අෂීස් කිලෝ 1යි ග්‍රෑම් 238ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 85,000ක මුදලක් සොයාගත් අතර, මෙහි වැඩිදුර විමර්ශණ කටයුතු කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලබයි.