මිදුලේ තබා තිබූ කොන්ක්රීට්වලින් සාදන ලද ජිරාෆ් සත්ත්වයෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 08 හැවිරිදි කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්රදේශයෙන් වාර්තාවේ.
එම දරුවාගේ නිවසේ ජිරාෆ්ගේ පිළිරුවක් මෙලෙස දරුවාගේ සිරුර මතට කඩාවැටී ඇති බව පොලීසිය පවසයි.
එමෙන්ම පොලොන්නරුව අරලගංවිල රුහුණුගම ගම්මානයේ නිවෙසක ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මතට කඩා වැටීම නිසා අවුරුදු 03ක දැරියක මියගොස් ඇතැයි වාර්තාවේ.
ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අවස්තාවේ වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.