අලුත් අවුරුදු සමයේදී මගී ජනතාවට අවශ්‍ය වන පරිදි බස් සේවා පවත්වා ගෙන යන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
11, 12 හා ආසන්න දිනවල අතිරේක බස් රථ සේවා යෙදීමට කටයුතු කරන බවත්, අලුත් අවුරුදු සමයේදී සතියක පමණ දීර්ඝ නිවාඩුවක් පවතින බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
සතියක පමණ නිවාඩු කාලයක් පවතින නිසා මෙවර විශාල මගී තදබදයක් ඇති නොවනු ඇති බවත්, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත නගරයට පැමිණීම සඳහාත් බස් රථ සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාක්මත කරන බවද පැවසීය.