මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323දෙනෙකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බැව්, පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.
උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 994කි. උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් 930දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද, 629ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, නුවර දිස්ත්‍රික්කයෙන් 622 දෙනෙකුද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 619 දෙනෙකුද වාර්තා වී ඇති බැව් පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය මගින් නිකුත් කොට වාර්තාවේ සඳහන් වේ.
මෙකී වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 25,269දෙනෙකු මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන බවද සඳහන් වේ.
මන්දපෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2,550දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ළමුන් සංඛ්‍යාව 2,245කි. මහනුවරු දිස්ත්‍රික්කයෙන් ළමුන් 1,578දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමුන් 1,340 දෙනෙකු වාර්තා වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම මෙරට අවුරුදු පහට අඩු, වයසට සරිලන ලෙස බර අඩු දරුවන් 215,386දෙනෙකු, වාර්තා වී ඇත. මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 17,701කි. වයසට සරිලන බර අඩු දරුවන් අතර 15,994ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, 15,376දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇත.
එමෙන්ම මෙරට අවුරුදු 05ට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538දෙනෙකු වාර්තා වී ඇති බැව් පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ. මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ළමුන් සංඛ්‍යාව 11,677කි. වයසට සරිලන උස අඩු දරුවන් 10,177දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ළමුන් සංඛ්‍යාව 10,093දෙනෙකි. එමෙන්ම අවුරුදු පහට අඩු අධි බර දරුවන් 6,223දෙනෙකුද වාර්තා වී ඇත.
චන්දන සමරවික්‍රම