හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවුරුදු පහක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බව හිටපු ජනපතිනී චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
මධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ මේ වන විට පක්ෂය කොහෙද කියා තමන් සොයන බවත් පක්ෂය හාන්සි වී ඇති බවත්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ පිරිසක් ජයග්‍රහණය කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවෙන් පසුව පළමු වරට පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබී ඇති බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.