මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව දෝෂ සහිත බවත් ඒ අනුව ආහාර පිසීම ආහාර අනුභවය යනාදී නැකත් රාත්‍රී කාලයට සකස් කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වුවමනාවෙන් සිදුකළ ඒවා බවත් එය නිවැරදි කළ යුතු බවට දන්වමින් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන් විසින් මල්වතු අස්ගිරි අනූනාහිමිවරුන් දැනුවත් කරමින් සංදේශයක් බාර දීම සිදුකෙරුණි .
අද (11) පෙරවරුවේ මහනුවරට පැමිණි ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන් මල්වතු පාර්ශ්වයේ අනූනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි යන අනුනාහිමිවරුන් බැහැ දැක උන්වහන්සේලා දැනුවත් කොට කරුණු සැලකිරීමට පියවර ගත්තේය .
එහිදී මල්වතු පාර්ශ්වයේ අනූනායකහිමියන් නැකත් කමිටුවේ සාමාජිකයන් ගෙන් විමසා සිටියේ මෙවැනි වැදගත් නැකත් හදන කමිටුවේ සිටුනුයේ කවුරුන්ද යන්නත් ඔවුන් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්නත්ය .
එහිදී පැමිණ සිටි පිරිස අනුනාහිමියන්ට සැලකර සිටියේ දේශපාලන හිතවත්කම් මත එම පිරිස් පත්කර ගන්නා බවයි .
එහිදී අනූනායක හිමියන් සඳහන් කර සිටියේ සියල්ලම දේශපාලනකරණය වීම නිසා මෙවැනි දේ සිදුවන බවත් රටක වැදගත් දෙයක් සිදුවන සෑම අවස්ථාවකදීම නැකත් වේලාවට කටයු තුකරන තත්ත්වයක් තුළ දෝෂ සහිත නැකත් වෙනුවට නිසි පරිදි සකස් කරන ලද නැකතේ ඇති වටිනාකම පැහැදිලි කරමින් ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අවශ්‍ය අවවාද උපදෙස් ලබාදෙන බවද අනූනාහිමියන් අවධාරණය කළේය .
මෙහිදී සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකත් කමිටුව නියෝජනය කරන සාමාජික ජෝතිර්වේදී නුමින්ද ශාන්තසිරිද සිල්වා මහතා මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව අත්තනෝමතික ලෙස සකසන ලද නැකත් සීට්ටුවක් බවයි .
මධ්‍යම රාත්‍රියේ නැකත් සංක්‍රාන්තියක් සිදුවේ නම් විශේෂයෙන් ලිප ගිනි මෙලවීම ආහාර අනුභවය වැනි නැකත් පසුදින උදෑසනට ගත යුතු වුවත් ඔවුන් එසේ නොකර රාත්‍රී කාලයේ එම නැකත් ගැනීම තුළින් නැකත් සෑදීමේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර ඇති බව පැවසීය .
එම නැකත් කමිටුවේ සාමාජිකයන් තමන් අතින් සිදු වූ වර දනිවැරදි කිරීමට පියවර ගත යුතු බවත් ජාතික ජෝතිර්වේදීන්ගේ සංගමය ඉල්ලා සිටිනුයේ එම නැකතට පිටින් යාමක් නොවන බවත් මාර්තු මාසයේ අග වනතුරුත් එය වෙනස් කිරීමට අවස්ථාව තිබෙන බවද පැවසීය .
එම නිසා නැකත් කමිටුවේ සාමාජිකයන් නම්‍යශීලි වී එම නැකැත් වෙනස් කළ යුතු බවත් දැනට ඉදිරිපත් කොට ඇති නැකත රටේ ජනතාවටත් රාජ්‍ය නායකයාටත් අහිතකර ලෙස බලපා හැකි බවද ඔවුන් අවධාරණය කරයි .