මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ෙත්‍රෙනිකායික මහා නායක හිමිවරු සහ අනුනායක හිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
කෝවිඩි-19 වසංගතය රටපුරා පැතිර ගොස් ඇති අවස්ථාවක අවුරුදු චාරිත්‍ර ඉටුකිරදීමට ගොස් රට තවදුරටත් අනතුරේ හෙළිමෙන් වලකින ලෙසද උන්වහන්සේලා ප්‍රකාශ කරති.
අවුරුදු කාලසීමාව තුළද ඇදිරිනීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා නිවස තුලටවී සිටීමට උත්සාහ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේලා සඳහන් කලහ.
මේ අතර , සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුයේ නිවසේ සමාජිකයන් එක්ව නිවස තුල පමණක් අවුරුදු චාරිත්‍ර ඉටුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.