අලුත් අවුරුද්දට ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද 15 සහ හෙට 16 විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම අළුත් අවුරුද්දට විශේෂ දුම්රිය සේවාක්ද අද 15 ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. එම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.
මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.