විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ අංක 64/බි ලිපිනයේ පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම් ආර් රන්තරු නමැති දරුවාය
මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබි ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලිසිය කියයි
එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රිය ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලිසිය කියයි
එම අවස්ථාවේදී ක්ෂණයකින් බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී දුම්රිය හරස් මාර්ගය හරහා දරුවා ගමන් ගත් පාපැදියේ ගැටීමත් සමගම දරුවා මීටර් 13 ක් පමණ ඈතට විසි වීමත් සමගම දුම්රියද ඒ අසන්නේ නතර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම අනතුරින් දරුවාගේ වම් පාදයක් වෙන්වී බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
අනතුරක් සමගම වහා රැස්වූ ප්රදේශවාසීන් තීරෝද රථයකින් දරුවාගේ වෙන් වූ පාදයත් රැගෙන ප්රතිකාර ලබාදීම සඳහා පානදුර මූලික රෝහල වෙත ගියද ඒ වන විටත් දරුවා මියගොස් තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය
මියගිය දරුවාගේ පශ්වාත් මරණ පරීක්ෂණය මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පිරිස් මහතාගේ මූලිකත්වයෙන් පානදුර මූලික රෝහලේදී සිදු කෙරිණි
මොරටුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්රැන්සිස් මහතාගේ උපදෙස් මත විවිධ පෙනෙන පැමිණිලි අංශයේ ස්ථානාධිපති එල් ඩබ්ලිව් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් 97314 විජේසිංහ මහතා පරීක්ෂණ පවත්වයි