2021, 2022 සහ 2023 යන වසරවලදීපිළිවෙළින් 25, 28 සහ 16ක් වශයෙන් පුද්ගලයන් 69දෙනෙකු ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එමෙන්ම 2021, 2022 සහ 2023 යන වසරවලදී පිළිවෙලින් 65,773ක්, 66,247ක් සහ 69,834ක් ලෙස පුද්ගලයන් 201,854ක් සුනඛයන් සපාකෑම හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා යොමු කළ ප්‍රශන්යකට පිළිතුරු ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම තොරතුරු ලබා දුන්නේයෙ.
ඒ අනුව තමන් ඇති කරන ලබන සුනඛයන් නිසි ලෙස එන්නත් කරණයට යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්, සමස්ත වීදිා සුඛකයන්ගෙන් 70෴ක් එන්නත්කරණය තුළින් ජලභීතිකා රෝගය පාලනය කරගත හැකි බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේ වැඩිදුරටත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
&සුනඛයන් සපාකෑම හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති පුද්ගලයන් පහත පරිදි වේ. 2021 වසරේදී 65,773යි, 2022 වසරේදී 66,247යි, 2023 වසරේදී 69,834යි. ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2021 වසරේදී 25යි, 2022 වසරේදී මරණ 28යි, 2023 වසරේදී මරණ 16යි.
ජලභීතිකාව ප්‍රධාන වශයෙන් මිනිසාට වැලඳෙන්නේ අයාලේ යන සුනඛයන්ගෙන් වන අතර, එය නිසිලෙස එන්නත් කරන ලද ගෘහාශ්‍රිත සුනඛයින්ගෙන් ජලභීතිකාව වැලඳීැ අවස්ථා වාර්තා වී නොමැත. නිසි ලෙස එන්නත් කරණය කර නොමැති ගෘහාශ්‍රිත සුනඛයන් මාර්ගයෙන්ද ජලභීතිකාව බෝ වීමට අවස්ථාව ඇත. එලෙස ගෘහාශ්‍රිතව ඇති කරන ලද සුනඛ පැටවුන් මගින් වැලඳුණු ජලභීතිකාව හේතුවෙන් එක් මරණයක් 2021 වසරේදී වාර්තා වූ අතර, එයට හේතුව වූයේ වීදි සුනඛ පැටව් එන්නත් ලබා නොදී නිවසට රැගෙන ඒමයි.*