2019 වර්ෂයේ තමන්ට ආණ්ඩුවේ නිළ නිවසින් ඉවත්වීමට තිබුනත්, එම නිළ නිවසේ තමන්ට ඉන්න පින පාදා දුන්නේ අනුර කුමාර දිසානායාක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
"පෙරේදා අනුර කුමාර මහත්තයා ආවා තඹුත්තේගමට, ඇවිල්ලා මට තමයි බැනලා තියෙන්නේ, මට බනින එක සාධාරණයි.මොකද අනුරට ඡන්දේ දීලා වැඩක් නෑ කියලා මම ගමක් ගානේ කියනවා.හැබැයි එතුමා කියපු එකේ චූටි වැරැද්දක් තියෙනවා.එතුමා හැම තැනම ගිහින් කියන කථාවක් තමයි 1994 ඉඳන් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරකලු, ඒක ඇත්ත, බොරු නෙමෙයි.අනුර කුමාර කියන ඒ කථාව 100% ක් ඇත්ත, හැබැයි අවුරුද්ද වැරදියි.මම 1994 ඉඳන් නෙමෙයි, 1989 ඉඳන් ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, මට වයස අවුරුදු 10දී මගේ තාත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නේ, ඉතින් 89 ඉඳන් තාත්තා මන්ත්‍රී නම් මම තාත්තාගේ ගෙදර ඉන්නේ නැතිව අනුර කුමාරගේ ගෙදර ඉන්නද? ඒක මගේ වාසනාව වෙන්න ඇති.
මට වයස අවුරුදු 10 ඉදන් දැන් මට අවුරුදු 45 යි, අවුරුදු 35 ක්ම, දැනටත් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක, ඒකට මම ස්තූති කරනවා අනුර කුමාරට, හරි නම් මම ඒ ගෙදරින් අයින් වෙන්න ඕන 2019 දී හැබැයි මට ඒ ගෙදර ඉන්න පින පෑදුවේ කවුද? අනුර කුමාර, මගේ තාත්තාගේ, සීයාගේ මහ ගෙදර ගිණි තිබ්බා අනුරාධපුරයේ,ඒ ගොල්ල ගේ ගිණි තිබ්බ නිසා මට ආණ්ඩුවේ ඉන්න ගෙදරම දිගටම ඉන්න කිව්වා.මම දැන් ඉන්න මේ බෝනස් එක අනුර කුමාර නිසා.
ඒකත් අනුර කුමාර කියන්න ඕන වේදිකාවේ.1994 ඉඳන් නෙමෙයි, 1989 ඉඳන් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදර ,ඒ ගොල්ල මගේ මහ ගෙදර ගිණි තිබ්බ නිසා දැනුත් මම ඉන්නේ ආණ්ඩුවේ ගෙදර.ඉතින් මේ වැරැද්ද නිවැරදි කර ගන්න කියලා අනුර කුමාර මහත්තයාට කියන්න ඕන.ඒ වගේම තඹුත්තේගම රැස්වීමේදී තාත්තාගේ පැටිකිරියත් කිව්වාලු.තාත්තා ජිනදාස මහත්තයාගේ ඩ්‍රයිවර්ලු, හරි ඩ්‍රයිවර් කියමුකෝ, ඉතින් ඩ්‍රයිවර් විදිහටමද මැරෙන්න ඕන, තාත්තා ඩ්‍රයිවර් වෙන්න ඇති, ඊට පස්සේ දේශපාලනය කරන්න ඇති, ඊළඟට ව්‍යාපාර කරන්න ඇති.ඉතින් දැන් ජේ.වී.පී එක කියන විදිහට තාත්තා ඩ්‍රයිවර් නම් ඩ්‍රයිවර් විදිහටම මැරෙන්න ඕන, ඒක තමයි ඒ මිනිස්සුන්ගේ තියන කුහකකම.අපි ඒ මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගැන අදින්නේ නෑ,