වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
"රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්නත් ප්‍රමාණය ඉදිරියේ දී අප සැලසුම් කරලා තියෙන්නේ මේ වෙනවිට පළමු හා දෙවන මාත්‍රාව සම්පූර්ණ කරලා තියෙන අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලුදෙනාටම බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට. එහි ආරම්භක වැඩපිළිවෙල ලෙස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අය, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ට හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීමට නියමිතයි ඉදිරියේ දී."