අවුරුදු 16ක් වන දැරියක් මුහුණේ ලේ පැල්ලම් සහිතව රබර් වත්තක මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි. නිවිතිගල වටාපොත, යොවුන් පුර ගම්මානයේ පදිංචිව සිටි දැරියක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.
මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළඳසැලක් පවත්වාගෙන යයි. දැරිය ඊයේ දිනයේදී පාසල් නොගොස් ඇති අතර පසුව මව ඇයට දුරකතන ඇමතුමක් ගෙන වෙළඳ සැලට පැමිණෙන ලෙස දන්වා තිබේ.
කෙසේ වෙතත් දැරිය පැමිණිම ප්රමාද වීමෙන් මව ඇයව සොයා නිවස වෙත ගමන් කරමින් සිටියදි දියණියගේ සිරුර දැක තිබේ.
දැරිය නිවසේ සිට වෙළඳසැලට යන විට කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදිම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.