සිංහල හා හින්දු අලුත් අවුරුදුඋත්සවය වෙනුවෙන් මේ මස 10වන දින සිට 15වන දින දක්වා කාලය තුළදී ප්රුධාන දුම්රිය මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ විශේෂ දුම්රියන් ධාවන කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරයි. දිනපතා ධාවනය වන දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දෙයි.