2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට 2023 වර්ෂයේ මාර්තු මස 31වනදා වන විට අවුරුදු 01ක කාලසීමාව තුළ මූල්‍ය වර්ෂයේ පමණක් රජය ලබා දුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් අප්‍රේල් මස 03වැනිදා නිකුත් කර ඇති රාජ්‍ය කළමනාකරණ වියදම් ප්‍රකාශන වාර්තාවේ සඳහන් වේ.
මෙසේ රජයට අහිමි කර ගෙන ඇති බදු ප්‍රමාණය 2022 වර්ෂයේ රජය එකතු කර ගෙන ඇති බදු ආදායමෙන් 56෴ක් බවත් එම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.
ඒ බව අනාවරණය වූයේ 2024 අප්‍රේල් මස 03වනදා ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති වියදම් ප්රකාශනය තුළින්ය.
ශ්‍රී ලංකාවට ලබාදුන් විවිධ විශේෂ ඉලක්කගත බදු සහනාධාර සහ ආණ්ඩුව අහිමි කර ගෙන ඇති ආදායම් මෙම වාර්තාවේ ඇස්තමේන්තුගත කරගෙන ඇත.
අන්තර්ජාතික පිළිගත් ක්‍රමවේදයන් සහ අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම මෙම වාර්තාවේ අරමුණ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.