අවුරුදු 16ට අඩු දැරියන්ගේ අපයෝජන සිද්ධීන් සැලකීමේදී 85%ක් පමණ සිදුව තිබෙන්නේ ප්‍රේමසම්බන්ධතා මත බවට නිරීක්ෂණය වී තිබෙන බවත්, වයස අවුරුදු 16 ට අඩු නිසා කැමැත්ත යන කාරණය නීතියේදී සලකා නොබලන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
2021 වසරේදි එක්තරා දැරියක් අපයෝජනයට ලක් කර පසුව එම පුද්ගයා විසින් වෙනත් පුද්ගලයන්ට අන්තර්ජාලය හරහා විකිණිමේ කටයුතුවල නිරත වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කළේය.
&ගල්කිස්ස ප්‍රදේශයේදි තමයි මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ. පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා. ඉන්පසුව පානදුර මහධිකරණයේදි මෙම පුද්ගලයාට එරෙහිව නඩුවක් විභාග උනා. ඒ සැකකරුට පසුගිය සතියෙදි දඬුවම් ලබා දීලා තිබෙනවා. මොහුගේ නම රජිව් රවිනාත් ජයතිලක. මොහුට වසර තිස්පහක සිරදඬුවමක් ගරු අධිකරණය විසින් ලබා දීලා තියෙනවා.
තහවුරුකර ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් මේවැනි කාරණවලදි පොලීසියට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිද්ධීන් පිළිබඳව යම් කිසි තොරතුරුක් තිබෙනවා නම් පොලීසියට ලබා දෙන්න. සාක්ෂි මත තමයි සිද්ධිය පිළිබඳව තහවුරු කර ගන්න පුළුවන් වෙන්නේ.දරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් අප කාටත් තියෙනවා. මේ නිසා දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ වළක්වා ගන්න කටයුතු කරන්න ඕනෑ.
2021 වසරෙදි ගල්කිස්ස ප්‍රදේශයේදී සිදුවීම අනාවරණය වුණත් මීට කාලයකට පෙර සිට මෙවැනි දේවල් වෙලා තියෙනවා. ගරු අධිකරණය විසින් ලබා දී තිබෙන තීන්දුව මෙවැනි අපරාධ හා ස්ත්‍රී දූෂණ සිදුකරන අපරාධ කරුවන්ට හොඳ පාඩමක්. මෙම සැකකරුට එරෙහිව අපහරණය,දූෂණය, තැනැත්තන් වෙළෙඳාම යන චෝදනා ප්‍රධාන ලෙස එල්ල වී තිබුණා.*