කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ළග එන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බැවින් අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වත්මන් වැඩසටහන පවත්වාගනෙ ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කොට ඊළඟ පියවර තීරණය කිරීමට ඊයේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී එකඟත්වය පළ විය.