බන්ධනාගාරවල සිරකරුවන් 30000 දක්වා වැඩිවීම නිසා අලුතෙන් බන්ධනාගාරයක් අරින්න සිදුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ දිනවල සිදුවන විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට පත්වන සැකකරුවන්ගේ ඉදිරිය ගැන අප (22) කල විමසීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
ඉදිරි සති දෙක තුනේදී ඉඩකඩ නොමැතිවීමේ ගැටලුව විසදීමට නව බන්ධනාගාරයක් කඩිනමින් විවෘත කල යුතුව ඇති බව සදහන් කල අමාත්‍යවරයා මේ දිනවල ස්ථානයක් සොයමින් සිටින බව පැවසීය.
පාවිච්චියට නොගන්නා භාවිතයට ගත හැකි ගොඩනැගිලි පරිශ්‍රයන් කිහිපයක් ගැන අවධානය යොමුව ඇතිබව සඳහන් කල අමාත්‍යවරයා මේ පිළිඹඳව විවිධ පාර්ශව සමග සාකඡ්ඡා පැවැත් වු බව පැවසීය.
කඩිනමින් ගොඩනැලගිලි ඉදි කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති බව සදහන් කල අමාත්‍යවරයා කෙසේ වෙතත් සිරකරුවන්ට බන්ධනාගාර පහසුව සැලසිය යුතුව ඇති බව පැවසීය.
බන්ධනාගාර සිරකරුවන්ගෙන් පිරී යාමට හේතුව යුක්තියේ මෙහෙයුමෙන් සිරකරුවන් අත්අඩංගුවට ගැනීමදැයි අප විමසා සිටි අතර අමාත්‍යවරයා පැවසූයේ යුක්තියේ මෙහෙයුම සහ නව සිරගයක් විවෘත කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි
ලංකාවේ ජන ග්රහනය මිලියන 21කට ආසන්න බව කියති රටේ ඇති සිරගෙවල් ගණන 36කි රැඳවිය හැකි සිරකරුවන් ගණන 13000ක් බව පැවසෙති මේ වනවිට තිස්දහසක සිරකරුවන්ගෙන් සිරගෙවල් පිරීගොස් ඇත
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා.