(UPDATE) කොළඹ අලුත්කඩේ අධිකරන සංකිර්ණයේ අංක 5 මහේස්ත්රාත් අධිකරණයේදි මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබිමට පැමිණි පුද්ගලයා නිතිඥයෙක් ලෙස වෙස් වලාගෙන පැමිණ තිබේ.
මෙම වෙඩි තැබිම සඳහා භාවිත කළ රිවෝල්වර වර්ගයේ ගිනි අවිය අධිකරණ සංකිරණයේ තිබි සොයා ගෙන තිබේ.
අධිකරණ සංකිර්ණයේ ආරක්ෂාව තහවුරු කර විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්රියාත්මක කරමින් පවති.
අලුත්කඩේ අධිකරණ සංකීරණය තුළ සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ලේ සංජීවට ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගණේමුල්ලේ සංජීව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද(19දා) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙනවිත් ඇති බව පොලීසිය සඳහන් කළේය.