අලි මිනිස් ගැටුමට තිරසර විද්‍යාත්මක විසඳුම් ඉක්මනින්ම ඉදිරිපත් කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෙම ගැටළුව හා සම්බන්ධව මේ වන විට විවිධ ආයතන සහ පර්යෙෂකයන් විසින් නිර්මාණය නර ඇති නව නිර්මාණ සහ උපාය මාර්ගික අදහස් සමාලෝචනය කිරීම වෙනුවෙන් පැවති විශේෂ සාකච්ඡාවක දීය. මෙම සාකච්ඡාව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව මුහුණ දෙන සමාජ ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක සහ තාක්ෂණික පර්යේෂණ ඔස්සේ විසඳීම් සෙවීමේ අරමුණ ඇතිව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, පරිසර, මහා මාර්ග සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල සහයෝගීතාවෙන් ඒ්කාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහි ආරම්භක පියවරක් ලෙස මෙම සාකච්ඡාව සංවිධාන කෙරිණි.
වන අලි ගම් වලට පැමිණීම නිසා හටගන්නා අලි මිනිස් ගැටුම, වන අලි දුම්රියේ ගැටීම නිසා දුම්රිය දේපලවලට සහ වන අලින්ට සිදුවන හානිය, සහ වන අලි සහ රිලව් ආදී සතුන් මගින් කෘෂිකාර්මික බෝගවලට හානි සිදුවීම යන ගැටළු මූලික කර ගනිමින් අලි මිනිස් ගැටුම සමනය වෙනුවෙන් ප්‍රායෝගික විද්‍යාත්මක විසඳුම් තිරසාර ලෙස යොදා ගැනීම පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඒ සම්බන්ධව මේ වන විට බිහිකර ඇති නිර්මාණ සහ සැලසුම් අදාළ පර්යේෂකයින් විසින් සාකච්ඡා සභාවට ඉදිරිපත් කළහ.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“විද්‍යාත්මක පර්යේෂණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමයි අපේ වෑයම. මිනිස් ජීවිත වලට මෙන්ම වන අලින්ගේ ජීවිතවලට සිදුවන හානිය නැවැත්වීමයි අපේ අවසාන ඉලක්කය. ඒ සඳහා විද්‍යාත්මකව කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ ගැටළුවලට දේශීයව පිළියම් යෙදීමට ඔබ ඉදිරිපත්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මූලිකව ඔබේ නිර්මාණ පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් අපට ලබා දෙන්න. එම වාර්තාවලට අනුව අඳාළ වගකිවයුතු ආයතනයන්හි විශේෂඥ නිර්දේශ මත සාර්ථකව ඒකාබද්ධ විසඳුම් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් පුළුල් රාජ්‍ය මැදිහත්වීමක් ලබා දෙනවා.”
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මත වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, නර් ඩ් ආයතනය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික නව්‍යකරණ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය යන ආයතනවල සහයෝගය මේ සඳහා ලබා දීමට නියමිතය.