පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000/-ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකුට දුන් බවට චෝදනා ලැබ සිටි චීන ජාතිකයකු විත්ති වාචක නෙකැඳවාම නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියම කළේය.
මෙම නඩුවේ පැමිණීල්ල විසින් කැඳවන ලද සාක්කිකරුවන් දෙදෙනාගේ ස්ථාවරය අනුව පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් කර ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැමීට නොහැකි බව විත්තිකරු නිදොස් කර නිදහස් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
විත්තිකරුවකුට එරෙහි චෝදනාවන් සම්බන්ධයෙන් ඔහුගෙන් විත්ති වාචක කැඳවිය යුතුදැයි තීරණය කිරීම සඳහා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත් මෙම විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් ඉදිරිපත් කර ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැමීට නොහැකි බව සඳහන් කරමින් විත්ති වාචකක නොකැඳවාම නිදොස්කර නිදහස් කරන ලදදේ චොන් දොන් ෂිං නමැත්තෙකි.
2018 ජුලි 30 වැනිදා අඟූණකොළපැලැස්සේදී පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයට අවශ්‍ය නිර්දේශය ගැනීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකු වු උපුල් චන්දන කුමාර නමැත්තාට රුපියල් 20,000/-ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිනී.
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් දෙදෙනෙකු සාක්කි සඳහා කැඳවනු ලැබු අතර ඔවුන්ගේ සාක්කි විමසීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව දැනුම් දුන්නේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ උදාර මුහම්දිරම් මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඒ අවස්ථාවේදී ඉල්ලීමක් කරමින් පැමිණිල්ල් විසින් තම සේවාදායකයාටට එරෙහි චෝනා ඔප්පු කර නොමැිති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
විත්තියේ ඉල්ලීම සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුවකුට එරෙහි චෝදනාවන් සම්බන්ධයෙන් ඔහුගෙන් විත්ති වාචක කැඳවිය යුතුදැයි තීරණය කිරීම සඳහා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත් මෙම නඩුවේ පැමිණීල්ල විසින් කැඳවන ලද සාක්කිකරුවන් දෙදෙනාගේ ස්ථාවරය අනුව පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් කර ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැමීට නොහැකි බව තීන්දුවේ ස`ඳහන් කළේය.
ඒ අනුව විත්ති වාචක නෙකැඳවාම විත්තිකරු නිදොස් කර නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ උදාර මුහම්දිරම් මහතා සමඟ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.